Pages

Monday, January 9, 2017

රජයේ ගුරු විද්‍යාල සඳහා සුදුසුකම් ඇති ගුරුවරුන්ගෙන් අයදුම්පත් කැඳවීම - 2017

රජයේ ගුරු විද්‍යාල සඳහා ගුරු සිසු සිසුවියන් ඇතුලත් කර ගැනීම සඳහා ඉල්ලුම්පත් කැඳවා ඇත. පහත සබැඳි තුලින් වැඩි විස්තර සහ සකස් කරන ලද අයදුම්පත බාගත කරගත හැකිය. අයදුම්පත් භාරගන්නා අවසන් දිනය 2017 ජනවාරි 31 වන දින වේ. සම්පූර්ණ කරන ලද අයදුම්පත් පහත ලිපිනයට යොමු කළ යුතුය.

අධ්‍යාපන අධ්‍යක්ෂ,
ගුරු අධ්‍යාපන පරිපාලන ශාඛාව,
අධ්‍යාපන අමාත්‍යංශය,
ඉසුරුපාය,
බත්තරමුල්ල.

වැඩි විස්තර සඳහා අධ්‍යාපන අමාත්‍යංශ වෙබ් අඩවියට පිවිසෙන්න.

අයදුම්පත සහ චක්‍රලේඛය මෙතනින් භාගතකර ගන්න.

 

මෙම බාගත කරන ලද ගොණුව තුළ සිංහල සහ ඉංග්‍රීසි මාධ්‍යයෙන් සකස් කරන ලද අයදුම් පත්‍ර දෙකම අන්තර්ගත වන අතර තමන් ඉල්ලුම් කරන මාධ්‍යයෙන් පමණක් අයදුම්පත ඉදිරිපත් කළ යුතු ය. අයදුම්පත මුද්‍රණය කිරීමේදී A4 ප්‍රමාණයේ කොලයේ දෙපසම යොදාගෙන මුද්‍රණය කළ යුතු ය.

No comments:

Post a Comment